LISTEN US ONLINE

Listen with Winamp/iTunes
Listen with Windows Media Player

Thursday, November 25, 2010

දැන්විමි සදහා

දැන්විමි  සදහා

shevanthaweb@gmail.com

<td>
<center><a href="http://shevanthaweb.blogspot.com/" rel="nofollow" target="_blank"><img alt="SHEVANTHA WEBS" src="http://www.tserio.com/files/584157097_o.gif" border="0" height="125" width="125" /></a></center></td>
</tr>

Tuesday, November 16, 2010

:: නූල් රෝදයට බලය කවමු ►►►►




විශාල කර බැලීමට රෑප සටහන මත Ctrl+Click කරන්න

අවශ්‍ය දේවල්
1.කුඩා ඇනයක් (ටින්ටස් ඇනයක් තමයි මම ගත්තෙ)
2.ඉරටු කැබලි 2 ක් (එකක් කෙටියට සහ අනික දිගට )
3.රබර් පටියක් ( ලී රෝදෙ දිග + ඉටිපනදම් කැබැල්ලෙ දිගට පොඩ්ඩක් අඩු දිගකින් යුතු)
4.ලී නූල් රෝදයක් ( මේක හොයාගන්න ටිකක් අමාරැයි. දැන් මේව අඩුයි)
5.ඉ‍ටිපන්දමකින් කපාගත් කුඩා කොටසක්

මුලින්ම කුඩා ඇණය සවි කරන්න.කුඩා ඉරටු කැබැල්ල රබර් පටිය තුලින් දමා ලී රෝදයේ සිදුරෙන් ඇතුල් කරන්න. ඉටිපන්දමකින් රෑප සටහනේ ආකාරයේ කුඩා කොටසක් කපා ගන්න. මැද ඇති නූල අයින් කර සිදුරක් විදගන්න. (රත්කරපු ඇණයක් මගින් පහසුවෙන් විදින්න පුළුවන්) රබර් පටිය එම සිදුර තුලින්ද දමන්න. දිග ඉරටු කැබැල්ල රබර් පටියේ එම කෙලවර තුලින් ඇතුල් කරන්න.

දැන් රබර් පටිය ආතතියටත් ඇඹරීමටත් ලක්වන පරිදි රෑප සටහනේ පරිදි නූල් රෝදය එක අතකින් අල්ලා අනෙත් අතින් දිග ඉරටුව කරකවා බිමින් තබන්න. නූල‍් රෝදය සෙමෙන් ඉදිරියට ඇදෙනු ඔබට දැක ගත හැකි වේවි.


මේක ඇත්තටම මම 1 ව‍සරෙ විතර ඉන්න කොට හදපු එකක් මට මේක කියල දුන්නෙ කවුද කියල මතක නැහැ. මට සෙල්ලම් වාහන ගොඩක් තිබ්බ ඒත් මමම හදාගත්තු මේ සෙල්ලම් බඩුවට තරම් ඇල්මක් ඒවට තිබ්බෙ නෑ.

මට කියන්න ඕනෙ උනේ මේකයි. අද ලංකාවෙ ඉන්න පොඩි අයට මේවගේ දෙයක් තමන්ම හදාගෙන විනෝද වෙන්න තරම් වෙලාවක් නෑ එවගේම උවමනාවකුත් නැහැ. ඉතින් නිර්මාණශීලීත්වයක් දියුණුවෙන්නෙ කොහොමද? මම අහල දැකල තියනව ජපානෙ ඉන්න පොඩි අය ඉලෙක්ට්‍රොනික් පරිපථ වලින් පොඩි කාලෙදිම, එක එක වාහන, රොබෝල, වගේ දේවල් හදල තරඟ පවා තියනව. පාසල් වලින්ම ඒවට ඒගොල්ලන්ට අනුබල දෙනව. ඉතින් ඒ අය ලොකු වෙලා අළුත් නිර්මාණ ලෝකෙට බිහි කරනව. අපේ දරැවන්ට ශිෂ්‍යත්ව පන්තියි, OL ,AL පන්තියි මිසක් ඉන් බාහිර දේවල් හිතන්න කරන්න කියන්න අවස්ථා නැති වෙලා තියනව.

ලොකෙට අළුත් නිර්මාණයක් දායාද කරන්න PhD ඕනෙ නෑ. අළුත්,වෙනස් විදිහකට හිතල ඒක ක්‍රියාත්මක කරන්නයි අවශ්‍ය. අනික අළුත් නිර්මාණයක් ගැන හිතන්න කිව්වම අභ්‍යාවකාශ තාක්‍ෂණය වගේ ලොකු ලොකු දේවල් ගැන හිතල, නිර්මාණ බිහි කරන්න බය වෙන්න එපා. එදිනෙදා තමන් මුහුණ දෙන ප්‍රශ්නයකට විසඳුමක් ගැන කල්පනා කරන්න. උදාහරණයකට Paper Clip එක අරන් බලන්න ඒක මොනතරම් සරල ඒත් මොනතරම් ප්‍රයොජනවත් නිර්මාණයක්ද?


■◘■◘■◘■◘ කාඩ් බෝඩ් අදහස් ■◘■◘■◘■◘

කාඩ් බොඩ් ඕන තරම් අපි දැකල තියනව, ඒ වගෙම අපි ඒව කොච්චර අපතේ දානවද?.ඒත් ඒවයින් අළුත් නිර්මාණයක් කරන්න අදහසක් පහල වෙන්නෙ කීයෙන් කීදෙනාටද? මේ කාඩ්බෝඩ් ගැන අදහසක් පහල වුන කෙනෙක්ගෙ අපූරැ නිර්මාණ ඒකතුවක්, බලන්න හොඳද කියල.

විශාල කර බලන්න ඕනෙ නම් පින්තූර උඩ Ctrl+Click කරන්න.

■ මේක කාඩ්බොඩ් වලින් හදපු පුටුවක්.කුඩා දරැ‍වෙකුට වුනත් සවිකර ගන්න පුළුවන්. තමන්ම සවිකරගත් පුටුවෙ මෙයා වාඩිවෙලා ඉන්න අපූරැව බලන්නකො.


■ මේ තියන්නෙ කුඩා ස්ටූලයක් සහ ටීපෝ එකක්. බය නැතුව තේ එකක් වුනත් තියන්න පුළුවන්. එච්‍චරට මේ කාඩ්බොඩ් ගෘහ භාණ්ඩ ශක්තිමත්.



■ මේක විදුලි ලාම්පුවක්. හයිකරන්න ඕනෙ කරන ‍වයරැයි ,උපදෙස් පත්‍රිකාවයි, බල්බ් එකයි ඔක්කොම ති‍යෙන්නෙ එකට. ඒකියන්නෙ මේ නිර්මා‍‍ණ අහුරන්න වෙනම කාඩ්බොඩ් ඇසුරැම් නැහැ. හොඳට බලන්න හැම නිර්මාණකටම ඒක පොදුයි.



Saturday, November 6, 2010

බාර්න්බඩි ෆාම් එකේ හොර වැඩ

ගොඩක් කට්ටිය මුණුපොතේ බාර්න් බඩි ගහනවා ඇති නේද? එ‍ගොල්ලන්ට තමයි මේ පොස්ට් එක.. මම කියන්න යන්නේ කොහොමද බාර්න්බඩි වලට හොර කරන්නේ කියලා.. මේ ක්‍රම වලින් අපිට බාර්න්බඩි වල XP & Credits එහෙම ගන්න පුලුවන්..

කොහොමද එක්කෙනාට ගිෆ්ට් ගොඩක් යවන්නේ???


බාර්න්බඩි වල ඔයාගේ ෆාර්ම් එකට ගියාම උඩ තියෙනවා Gifts කියලා එකක්..එක ක්ලික් කරන්න ඊට පස්සේ එකට ආදාල ඇඩ්රස් එක ඇඩ්රස් බාර් එකෙන් කොපි කරගෙන බ්‍රව්සර් ‍එකේ ගිෆ්ට් යවන්න ඕනේ තරම් ටැබ් එකතු කරගන්න.. ඊට පස්සේ ඇඩ්රස් එක පෙස්ට් කරලා එන්ටර් කරගෙන යන්න.. දැන් ටැබ් වලින් යවන්න ඕන ගිෆ්ට් ටික තොරගෙන තෝරගෙන යන්න. ඊට පස්සේ යවන්න ඕන කෙනාව තෝරන්න. මේකෙදි හැම ටැබ් එකටම තෝරන්න ඕන එකම කෙනා.. ඊට පස්සේ ගිෆ්ට් ටික යවාගෙන යවාගෙන යන්න තියෙන්නේ...


කොහොමද අනිත් අයගේ දැන්විම් බලලා බාර්න්බඩි Credits හොයන්නේ???

ඇමරිකාවේ වගේ ඉන්න අයට බාර්න්බඩි වෙතින් දැන්විම් ලබාදෙනවා.ඒවා බලලා එගොල්ලන්ට 80 -180 ත් අතර Credits නිකං ලබාගන්න පුලුවන්..ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල්බල්ලෝ...හිහි..ඉතින් අපිට මේක කරගන්න පුලුවන් IP එක වෙනස් කරන මෘදුකාංගයකින්..
IP එක වෙනස් කරන හොද මෘදුකාංගයක් තමයි Hotspot shield කියන්නේ.

බාගන්න ඕන අය මෙතන ක්ලික් කරන්න.. 

එගොල්ලන්ගේ දැන්විම් පෙන්නන්නේ මෙන්න මෙතන...





ලංකාවෙන් බාර්න්බඩි ගහන්න ගියොත් ඔය ඉහළ වගේ තමයි පෙන්නන්නේ.. හැබැයි අර ක්‍රමෙන් ගියොත් ඔතන ඇඩ් පෙනවා..ඒවායින් ෆි දැන්ව්ම් විතරක් බලන්න..

කොහොමද බාර්න්බඩි වල තියෙන XP වැඩි කරගන්නේ???


මේක උපුටා ගත්තේ සහන් සටහන් කියන බ්ලොග් එකෙන්...

අපේ කිකිළිට ක්ලික් කරනකොට අපිට 5 x 5 x 5 සමග බිත්තරේ වික්කම 50ක් XP ලැබෙනවනේ....

කිලිළි ට මුල් click දානකොට එයා බිත්තරේ දාන්න කූඩුවට එනවා එතකොට වැඩේ නවත්තන්න ඕන, ඊලඟට farm එකේ මැද right click කරලා Qulity > Low දෙන්න ඊට පස්සෙ My farm එකට ආපහු එන්න.(බාන් බඩී පිටුව පමණක් reload කරන්න) දැං කිකිළි ඉන්නෙ වෙනතැනකනේ,ඊටපස්සෙ ආයපාරක් කිකිළිට 3 පාරක් click කරන්න, කූඩුව ලඟට එද්දි click නවත්තන්න, ඊටපස්සෙ ආයෙත් බාන් බඩී පිටුව පමණක් reload කරන්න.දැං ආය පාරක් කිකිළිට click කරන්න, කූඩුව ලඟට එද්දිම නවත්තන්න. ආය පිටුව reload කරන්න. ආය කිකිළිට click කරන්න. ඔහොම කර කර ඉද්දින් ඔයාලට XP 15 එව්ව 4ක් 5ක් ගන්න පුලුවන්. (තව ඕනෙනම් තියෙන්නෙ තව තව click කරන එක:) දැං ඇති කියල හිතුනොත් හරි එපා වුනොත් හරි කිකිළි කූඩෙ ලඟට ආවම තව එක ක්ලික් එකක් දාල බිත්තරේ ඇහිඳ ගන්න.


by

Lakshika Gayal (ලක්ෂික ගයාල්)

http://trixhunter.blogspot.com/

Friday, November 5, 2010

නිර්මාණාත්මක චින්තනයට උපදෙස්

1. සාම්ප්‍රදායික ස්ථාපිත අදහස් ක්‍රියාකාරකම් අත් හරින්න නැත්නම් වෙනස් කරන්න.

2. එය කිරීමට නොහැකියයි සිතනවා වෙනුවට කළ හැකි වෙනත් ආකාරයක් සිතන්න.

3. තමාට බැරිවීම හා නොහැකිවීම සම්බන්ධව සමාව ගනිමින් කරැණු දක්වමින් සිටීමෙන් වලකින්න.

4. දැනට තමා යොමුවී ඇති දේවල් ගැන තමන්ගෙන්ම ප්‍රශ්න අසමින් ක්‍රියාකාරකම් අරඹන්න.

5. තමාට වැරදුනහොත් හෝ තමා තුළ අඩු පාඩුවක් දුටහොත් එම අවස්ථාවේදීම නිවැරදි කරගන්න.

6. අරමුණු වෙනස් කිරීමට හෝ කළමණාකරණය කිරීමට ඥාණය හා ක්‍රමශිල්ප භාවිතා කරන්න.

7. යමක් කිරීමට උත්සාහ ගැනීමට බිය නොවන්න. එසේ උත්සාහ කිරීමෙන් ඔබ අත් දකින දූෂ්කරතා නිසා ඔබගේ ප්‍රජානන හැකියාව දියුණු වෙයි. ඔබ නුවණැතියකු බවට පත්වෙයි.

8. ඇයි යන ප්‍රශ්නය පස් වරක් විමසන්න. එවිට ගැටළුවක මූලික හේතුව ඔබට හමුවේවි. එමෙන්ම ඔබ ගන්නා තීරණය නිවැරදි එකක් වීමේ සම්භාවිතාවය පහේ ගුණිතයකින් වැඩිවනු ඔබට දක්නට ලැබේවි.

9. එක් එක් පුද්ගලයකුගේ දැනුම වෙනුවට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ බුද්ධිය මත තීරණ ගැනීමට උත්සාහ කරන්න. වැඩි දැනුම් ඇති අත් දැකීම් වැඩි අයගේ අදහස් ගැනද සාවධාන වන්න.

10. සම්පූර්ණත්වය බලාපොරොත්තු නොවන්න 51% ඔබගේ ඉලක්කයට හසුවේ නම් වහාම ඒ සඳහා ක්‍රියාත්මක වන්න.

11. වැරදි වලට බිය නොවන්න. වැරදි සිදුවන විට එම වැරදි සම්බන්ධව නිර්මාණශීලී, වැරදි හරිගස්සන්නාවූ, තමාව ගොඩනඟන්නාවූ ප්‍රතිචාරයන් තමා තුළ නොතිබීම පිළිබඳ බියවන්න.

12. "ඔව්" "පුළුවන්" යන හැඟිම ඇති ධන ආකල්ප නිරන්තරව පවත්වාගෙන යන්න. (Yes I can)

13. නැවතී සිටින ගමන් ක්‍රියාත්මක වන්න. එනම් සෑම මොහොතකම යමක් කරන්න. නිහඬව සිටින අවස්ථාවලදීත් මනසින් හෝ යමක් සිදුකරන්න.

14. හෙට වැඩ අද සැලසුම් කරන්න (Plan Tomorrows' works today)

15. සෑම මසකම යම් නිපුණතාවක් සංවර්ධනය කරන්න. ශරිරය, මනස, ආර්ථිකය, අධ්‍යාපනය, සම්බන්ධව අළුත් දෙයක් ගැන සිතන්න.

16. තමාට දැනට ඉටුකිරීමට නියමිතව ඇති දේ සම්බන්ධව සියළු හැකියාවන් සහ උත්සාහයන් දරමින් උපරිමයෙන් කටයුතු කරන්න.

17. කරන සෑම දෙයක්ම පළමු අවස්ථාවේදීම නිවැරදිව ඉටු කිරීමට මහන්සිගන්න. (First time Right)

18. කෙලින්ම යමක් ප්‍රතික්‍ෂ්ප කිරීමට වඩා දිගින් දිගට සොයා බලා විසඳුමක් සොයාගන්න. (Be Proactive)

19. දක්‍ෂ‍යකු බවට පත්වීම විනෝදාංශයක් කරගන්න. එනම් ලැබෙන හැම අභියෝගයකින්ම ජය ගැනීමට අධිෂ්ඨාන කරගන්න.

20. තමාගේ වැඩ සම්බන්ධව ක්‍රමාණුකූල බවක් ඇතිකර ගන්න. කළ යුතු දේ කළ යුතු අකාරයට කරන්න. අඬුවෙන් කරන දෙය මිටියෙන් කිරීමට නොයන්න.

කොකාකෝලා , පෙප්සි මඟින් කළ හැකි දේවල්

1. වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එකේ බැඳී ඇති දූවිලි පැල්ලම් ආදිය ඉවත් කිරීමට කොකාකෝලා හෝ පෙප්සි වැනි බීම වර්ගයකින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් පිස දමන්න. වීදුරු පිරිසිඳු කරන දියර වර්ග අවශ්‍ය නොවේ. වාහන වල විතරක් නෙමෙයි ගෙදර ජනෙල් වීදුරු පිස දැමීමටත් මෙම බීම වර්ග වලින් තෙමාගත් කඩදාසි කැබැල්ලක් යෙදා ගත හැකියි.

2. ඇළුමිනියම් හෝ ක්‍රෝමියම් වලින් තැනූ කාර් Bumpers වල ඇති මලකඩ පැල්ලම් ඉවත් කිරීමට කොකාකෝලා/ පෙප්සි පොඟවාගත් ඇලුමිනියම් කඩදාසියක් මඟින් පිසදමන්න.

3. කාර් බැටරි වල ධන සෘණ අග්‍රයන්(Terminals) වල බැදී ඇති මලකඩ, ඔක්සයිඩ ඉවත් කිරීමට විඛාදයනය නැති කිරීමට කොකාකෝලා/ පෙප්සි සොලවා එම අග්‍ර මතට වත්කරන්න. පෙන දමමින් ඒවා ඉවත්වෙයි.

4. පිත්තල බඳුන්වල ඇති කොළ පැහැති පැල්ලම්, මලකඩ ආදිය ඉවත් කිරීමට කොකාකෝලා පෙප්සි වලින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් පිස දමන්න.

5. මල බැඳුනු යකඩ ඇණයක් බුරුල් කර ගැනීමට කොකාකෝලා/ පෙප්සි වලින් පොඟවාගත් රෙදි කැබැල්ලක් එම ඇණය වටා විනාඩි කිහිපයක් ඔතා තබන්න.

6. ඇඳුම් වල ගෑවුන ග්‍රීස් පැල්ලම් ඉවත් කිරීමට එම ඇඳුම් භාජනයකට දමා එම ග්‍රීස් ගෑවුන කොටස් හොඳින් පෙ‍‍‍‍‍ඟෙන පරිදි දමාගත් කොකාකෝලා හෝ පෙප්සි සමඟ රෙදි සෝදන කුඩු දමා වෙනදා සෝදන අයුරින්ම සෝදන්න.

7. ඔබේ වැසිකිලිය පිරිසිඳු කිරීමටත් මෙම බීම වර්ග භාවිතා කළ හැකියි. සින්ක් එකේ හෝ කොමඩ් එකේ ඇති කහට පැල්ලම් ඉවත් කිරීමට කොකාකෝලා/ පෙප්සි වත්කර පැයක් පමණ තබා අතුල්ලා වේගවත් ජල පහරක් මඟින් ‍සෝදා හරින්න.


මෙහිදී පොදුවෙ සිසිල් බීම සියල්ලම ක්‍රියාත්මක වෙන්නෙ එකම ක්‍රමයකට ඒත් වැඩි බලපෑමක් තියෙන්නෙ කොකා කෝලා පෙප්සි වල නිසයි, ඉහත ඒව ගැන වැඩිපුර කියල තියෙන්නෙ. කොකාකෝලා, පෙප්සි වල PH අගය 3.4 විතර වෙන‍ව මේ ආම්ලික ගතිය ශරී‍රයේ ඇති දත් සහ අස්ථි දිය කිරීමට ප්‍රමාණවත්. වයස අවුරුදු 30 පමණ පසුව අපේ ශරීයෙ අස්ථි වර්ධනය නතර වෙනව.සෑම අවුරුද්දකම යම් ප්‍රමාණයක් අපේ අස්ථි දියවෙනව ඒව මුත්‍ර සමඟ ශරී‍රයෙන් පිටවෙලා යනව. බීම වර්ග හින්ද විතරක් නෙමෙයි අධික ආමිලික ආහාර නිසාත් මේ දේ වෙන්න පුළුවන්. මෙ‍හිදී බොහෝ වෙලාවට ශරී‍රයේ තියන කැල්සියම් සංඝටක දියවෙලා ධමනි ශිරා පටක ආදියෙත්, නොයෙකුත් ඉන්ද්‍රියන් ‍වලත් තැන්පත් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අක්මාව වගේ ඉන්ද්‍රියක මේව තැන්පත් වුනොත් අක්මාවේ ගල් ඇති වෙන්න පුළුවන්, මුත්‍රාශයේ තැන්පත් වුනොත් මුත්‍රාශ ගල් ඇති වෙනව. ඇත්තටම සිසිල් බීම වල පෝෂණීය වටිනාකමක් නැහැ විටමින් ඛනිජ ද්‍රව්‍ය කිසිවක් නැහැ ඉහල සාන්ද්‍රනයෙන් යුත් සීනි ද්‍රාවණයක් සමඟ ඇති රසකාරක හා වර්ණක සමඟ ඉහල ආම්ලිකතාවයක් පමණයි තියෙන්නෙ. ඉතින් සෑම ආහාර වේලක් සමඟ මේවා පානය කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියල දෙන්න ඕනෙ නෑනෙ. තවත් අපුරු දේවල් දැක බලා ගන්න පහත සබැඳුම් වලට යන්න


http://video.google.com/videoplay?docid=-1450915772177922792

http://www.youtube.com/watch?v=Ox2Mm28LxoQ

http://www.youtube.com/watch?v=lFf-kW1E0Tc

http://www.youtube.com/watch?v=hKoB0MHVBvM

http://www.youtube.com/watch?v=YNgl6z5Z7k4

http://www.youtube.com/watch?v=up1DoY8Cfwg

දන්තාලේප මඟින් කල හැකි වෙනත් දේවල්

1. මේස මත තබා ඇති පැණිරස ආහාර වලට කුහුඹුවන්ගෙන් සිදුවන හාණි තාවකාලිකව වැලැක් වීමට එම මේසයේ කකුල් වටා බිම දන්තා ලේප වලින් සීමාව සලකුණූ කරන්න. දන්තාලේපයේ සැර ගතිය පවතින තුරු කුහුඹුවන් මේසයට නැගීමෙන් වළකියි. 2. CD DVD තැටිවල ඇති සීරීම් පාරවල් ඉවත් කිරීමට දන්තාලේප තවරා පිරිසිඳු මෘදු රෙදි කඩකින් එක් අතකට පමනක් අතුල්ලා සෝදා හරින්න. ජල බින්දු සියල්ල වේලෙන තුරු භාවිතා නොකරන්න.
3. පිළිස්සුමකට ලක්වූ විට හැකි ඉක්මනින් එම ස්ථානයේ දන්තාලේප ආලේප කිරීමෙන් සහනයක් ලැබිය හැක.
4. අත් වල ඇති දුගඳ නැති කිරීමට දන්තාලේප අතුල්ලා සෝදාගන්න. ළූණු වල සැර ගතිය පිළී ගඳවල් ආදිය ඉවත් කිරීමට මෙය සාර්ථක ක්‍රමයකි.
5. මීමැස්සන් ආදී කුඩා කෘමිසතුන් ගේ සපා කෑම් ආදියෙන් සිදුවන වේදනාවට තාවකාලිකව සහනයක් ලබාගැනීමට සපා කෑ ස්ථානයේ දන්තාලේප තවරන්න.
6. මුහු‍ණ මත කුරුළෑ ඇතිවීගෙන එන විට නින්දට කලින් එය මත දන්තාලේප ආලේප කර පසුදා උදෑසන සෝදා හැරීමෙන් සහනයක් ලද හැකියි.
7. නිය පිරිසිඳු කිරීමට වතුරින් තෙමාගත් නිය මත දන්තාලේප තවරා බුරුසුවකින් මදින්න. කුණු ඉවත්වී නියපොතු දීප්තිමත් වෙයි.
8. අත් ‍ඔරලෝසුවේ වීදුරුව පිරිසිඳුකිරීමටත් සීරීම් සලකුණු ආදිය ඉවත් කිරීමටත් ටිෂූ කඩදාසියක තැවරූ දන්තාලේප භාවිතා කල හැකියි.
9. මේස මත ටී‍පෝ මත ඇති කෝප්ප, බීම වීදුරු ආදිය තැබීමෙන් ඇතිවන වතුර පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප තැවරූ තෙත රෙදි කැබැල්ලකින් පිසදමන්න.
10. බිත්තියට හාණි නොකර එය මත පෝස්ටර් පින්තූර ආදිය රැඳවීමට පොස්ටරයේ යටිපැත්තේ කොන් හතරේ දන්තාලේප ආලේප කර බිත්තිය මත අලවා ගන්න. (බිත්තියෙ ලිත ඇලවීමට කලින් යොදා ගත්ත බත් ඇට, මැලියම් දැන් දන්තාලේප )
11. බිත්ති මත හෝ ගෙබිම මත ඇති පාට පැන්සල් පැස්ටල් සලකුණු ඉවත් කිරීමට දන්තාලේප ආලේප කර තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න.
12. රෙදිවල තැවරුණු තොල් ආලේපන (Lipstick) පැල්ලම් තීන්ත පැල්ලම් ඉවත් කිරීමට එම පැල්ලම මත දන්තාලේප තවරා අතුල්ලා සෝදා හරින්න.
13. දියමන්ති මුදු රිදී ආභරණ පිරිසිඳු කිරීමට වතුරින් තෙමා පැරණි දත් බුරුසුවකට දන්තා ලේප තවරා ඉතා සීරුවෙන් දූවිලි අපද්‍රව්‍ය ඉවත් වන පරිදි මදින්න. ඉන්පසුව දන්තාලේප සෝදා ඉවත් කරන්න.
14. බුමුතුරුණු (Carpet) මත ඇති පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප එම පැල්ලම් මත ආලේප කොට බුරුසුවකින් අතුල්ලා සෝදා වේලෙන්නට තබන්න.
15. සපත්තු ලෙදර් බෑග් ආදිය පිරිසිඳු කිරීමට දන්තා ලේප තැවරූ බුරුසුවක් භාවිතා කරන්න. බෑග් මත ඇති පැල්ලම් ඉවත් කිරීමට සපත්තු වල ඇති සීරීම් සලකුණූ ඉවත් කිරීමට මෙම ක්‍ර‍මය ඉතා පහසුවෙන් හාවිතයට ගත හැකියි.
16. බිත්ති මත ඇණ ගැසීම ආදියෙන් ඇතිවන කුඩා සිදුරු වැසීමටත් දන්තාලේප යොදා ගත හැකියි. එහෙත් ඒය තාවකාලික පිළියමක් පමණි.
17. නාන කාමරයේ ඇති කරාම, මුහුණ බලන කණ්නාඩිය, වතුර මල (shower) ආදී දිලිසෙන මතුපිටවල් ඇති කොටස් පිරිසිඳු කිරීමටත් දන්තාලේප භාවිත කළ හැකියි.
18. වාහ‍නයේ ඇති ප්‍රධාන ලාම්පුවල බැදුන දූවිලි මීදුම් පටල සීරීම් සලකුණූ ආදිය ඉවත් කිරීමට භාජනයක දියකරගත් දන්තාලේප ස්පොන්ජ් කැබැල්ලකින් ගෙන පිසදමන්න.
19. කුඩා සෙල්ලම් බඩු, කාර්වල ගුවන් යානවල කුඩා ආකෘති ආදිය පිරිසිඳු කිරීමට දන්තාලේප තැවරූ බුරුසු වක් භාවිතා කල හැකි වෙයි.
20. පිහිනීමට භාවිත කරන පිහිණුම් කණ්නාඩි (swimming goggles) වල බැඳි ඇති දූවිලි මීදුම් පටලයන් ඉවත් කිරීමට දන්තාලේප සහිත රෙදි කැබැල්ලක් යොදාගන්න
21. පි‍යානෝවේ, ඔර්ගනයේ යතුරු (keytops) පිරිසිඳු කිරීමට මෘදු රෙදි කැබැල්ලක තැවරූ දන්තාලේප යොදාගන්න.
22. වීදුරු භාන්ඩ වල දීප්තිමත් බව ඇති කිරීමට දන්තාලේප යෙදූ මෘදු රෙදි කැබැල්ලකින් පිසදා සොදා හරින්න දිදුලන දීප්තියක් ඒවාට ලැබෙයි.
23. කුඩා දරුවන්ගේ සූප්පු, බෝතල් ආදියෙන් එන දුගඳ නැතිකර පිරිසිඳු කිරිමට දන්තාලේප මිශ්‍ර කල වතුරෙන් සෝදන්න.
24. රෙදි මදිනයේ (iron) පහළ මදින කොටසේ ඇති පිළිස්සුනු පැල්ලම් කහට පැල්ලම් ඉවත් කර පිරිසිඳු කිරීමට. දන්තාලේප ‍තැවරූ ‍රළු රෙදි කඩකින් තදින් අතුල්ලා තෙත රෙදි කැබැල්ලකින් පිසදමා වේලෙන්නට ඉඩහරින්න.

My Blog List

LEARN

යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

my mini web browser

Where am I?